2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg
WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg

1945 -1946

S.P විතානපතිරණ මහතා

එවකට මුල් ගුරු වූ විදානපතිරණ මහතා 1945 .07.18 දින සිට මෙම පාසලේ සමාරම්භක විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිසුන්ගේ ආධ්‍යාත්මික හා සාමාජීය ගුණ වගාවන් පෝෂණය කිරීමෙහිලා කටයුතු කර ඇත. මෙතුමා ගේ සේවා කාලය 1946.12.15 දින අවසන් විය.

1946 - 1956

W.A.W සෙනවිරත්න මහතා

විදාන පතිරණ මහතාගෙන් පසු විදුහල්පති ධූරය W.A.W සෙනෙවිරත්න මහතා සතු විය. 1946.12.15 දී වැඩ බාර ගත් මෙතුමා ක්‍රියාකාරී විදුහල්පතිවරයෙකු විය.

1954 - 1956

J.M.P ගුණවර්ධන මහතා

ඩබ්. ඒ .ඩබ්ලිව් සෙනෙවිරත්න විදුහල්පතිතුමාගෙන් පසු කේ J.M.P ගුණවර්ධන මහතා පාසලේ ඉදිරි කටයුතු ඕනෑකමින් සිදුකරගෙන ගොස් ඇත.එම කාලයේ දී එතෙක් 3 දක්වා තිබුණ පන්ති 5 දක්වා වර්ධනය වී ඇත. සාර්ථක පාලකයෙකු සතු ගුණාංග වලින් යුත් මෙම මහතා 1956.5.2 දිනයෙන් විදුහල්පති ධූරයෙන් සමු ගෙන ඇත.

1956.5.2 - 1965.1.26

G.S ජයතු බණ්ඩා මහතා

J.M.P ගුණවර්ධන මහතාගෙන් පසු මෙම විදුහලේ හතරවන විදුහල්පතිවරයා ලෙස 1956.5.2 දින වැඩ බාර ගත් මෙතුමා 1965.1.26 දින දක්වා පාසලට ඉමහත් සේවයක් සිදු කළ විදුහල්පතිවරයෙකි. එතෙක් පැවති පහ පන්ති මට්ටම 9 පන්ති මට්ටම දක්වා ඉහළ යාම මෙතුමාගේ කාලයේ සිදු වූ සුවිශේෂී සිදුවීමකි.පොදු සහතික පත්‍ර විභාගයට සිසුන් මුල්වරට සම්බන්ධ වූයේ ද මෙම විදුහල්පතිතුමාගේ කාලයේදීය.

1965.1.27 - 1965.6.1

K.M ටිකිරි බණ්ඩා මහතා

K.M ටිකිරි බණ්ඩා මහතා වැඩබලන තාවකාලික විදුහල්පතිවරයකු ලෙස 1965.01.27 දින සිට 1965 6.1 දින දක්වා කටයුතු කොට ඇත කටයුතු කර ඇත.

1965 - 1967

W.D පෙරේරා මහතා

ටිකිරි බන්ඩා විදුහල්පතිතුමාගෙන් පසුව 1965.6.2 දින නව විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගත් ඩබ්ලිව්.ඩී පෙරේරා මහතා වසර දෙකක කාලසීමාවක් විදුහල්පති ධූරය හොබවා ඇත.

1967 - 1968

M.M ගුණරත්න මහත්මිය

මෙම ගුණරත්න මහත්මිය එතෙක් විදුහල්පති පදවියට පත් වූ විදුහල්පති විදුහල්පතිවරුන් අතරින් විශිෂ්ටතම විදුහල්පතිවරයෙකු ලෙස හැඳින්විය හැක. එයට හේතුව නම් මෙම විදුහල්පතිනිය ඇගේ ධුර කාලය වසර ගණනාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාලය අතරතුර එතුමියගේ ප්‍රධානත්වයෙන් පාසල තුළ සුවිශේෂී වූ වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති බැවිනි. එනම් එතෙක් පැවැති පාසල් නාමය ,නාරම්මල මහා විද්‍යාලය යන නාමය ලෙස වෙනස් වීම හා නව බුදු මැදුර සෑදීමත් ය.

1968 - 1970

W.M.M.P විජේකෝන් මහතා

මෙතුමා 1968.10.15 දින සිට 1970.8.12 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

1970 - 1978

W.A. වීරසූරිය මහතා

මෙතුමා 1970.08.13 දින සිට 1978.1.19 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

1978 - 1979

J.A නන්දා ප්‍රේමරත්න මහත්මිය

මෙතුමිය 1978.01.20 දින සිට 1979.6.15 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

1979 - 1986

සිරිසේන ඒකනායක මහතා

1979.6.15 දින සිට 1986.11.01 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

1986 - 1988

B.A පියසේන මහතා

1986-11-02 දින සිට 1988-10-18 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

1988 - 2000

D.M තිලකරත්න මහතා

1988-10-19 දින සිට 2000-4-25 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2000 - 2003

K.M.P ගනේගොඩ මහත්මිය

2000-4-26 දින සිට 2002-10-9 දින දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2003 - 2008

W.K හේමා නවරත්න මහත්මිය

2002-10-9 දින සිට 2008 දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2008 - 2012

සෝමරත්න මයා

2008 දින සිට 2012 දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2012 - 2016

R.M.Y රණසිංහ මයා

2012 දින සිට 2016 දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2016 - 2018

රංජිත් කුමාරසිරි මහතා

2016 දින සිට 2018 දක්වා විදුහල්පති ධූරය හොබවා ඇත.

2018 - මේ දක්වා

W.C ගුණවර්ධන

2018-3-2 සිට මේ දක්වා විදුහල්පති ධූරය හොබවයි