පාසලේ ඉතිහාසය

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2023- තෙවන වාර පරීක්ෂණයේ දි ශ්‍රේණි මට්ටමෙන් ප්‍රවීණතා 1,2,3, ස්ථාන ලැබූ දරුවන්ට ත්‍යාග සහ ප්‍රගති වාර්තා ලබාදීම.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

2024අධ්‍යයන වර්ෂය සඳහා( උසස් පෙළ) කලා වාණිජ විද්‍යා ගණිත අංශය සඳහා සිසුන් බඳවා ගැනීමේ දිනය.

WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg
WhatsApp Image 2023-10-20 at 11.46.32 AM 2.jpeg

 ආර්.ජී සේනානායක විදුපියස ආ මග මතක.........

 

වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ග්‍රාමයේ පිහිටි නාරම්මල මහා විද්‍යාලය නමින් හඳුන්වන මෙම විදුහල ආරම්භ කරන ලද්දේ 1945.7.18 දිනදීය. මුල් කාලයේදී මෙම පාසලට දෙටු පාසල යන නාමය ලැබී තිබුණි. එයට හේතුව වී ඇත්තේ මෙම පාසලේ දෙවන හා තුන්වන පන්ති පමණක් පැවතුන හෙයිනි. ළමයින් හතලිස් පස්දෙනෙකුගෙන් හා උප ගුරුවරුන් තුන්දෙනෙකුගෙන් අරඹන ලද මෙම පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ එස්.පී විතානපතිරණ මහතායි.

ළමුන් හා ගුරුවරුන් සුළු පිරිසකගෙන් ආරම්භ වුන මෙම දෙටු පාසල 1950 වර්ෂය වන විට ළමුන් 286 කින් හා ගුරුවරුන් 9 නව දෙනකුගෙන් සමන්විත විය. පාසලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව වැඩිවත්ම 2,3 පන්ති පමණක් පැවති මෙම පාසල තුන හතර පන්ති දක්වා වර්ධනය විය.එම හේතුවෙන් එතෙක් පැවැති දෙටු පාසල යන නම වෙනස් කර ප්‍රාථමික පාසල යන නම යොදන ලදී.    

ක්‍රමික දියුණුවක් වෙත ගමන් කරමින් සිටි මෙම පාසල 1950 වර්ෂය වන විට 4, 5 දක්වා පැවැති පන්ති මට්ටම් 1958 වර්ෂය වන විට 8 පන්තිය දක්වා ද 1960 වර්ෂය වන විට පොදු සහතික පත්‍ර විභාගය දක්වා ද පන්ති මට්ටම් වර්ධනය විය. 1960 වර්ෂයේදී මෙම පාසලේ අධ්‍යාපනය ලැබූ සිසුන් 38 ක් පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඇත. ඒ වන විට සිසුන් 682 ද ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ද මෙම පාසල සමන්විත වී ඇත. විදුහල්පතිවරුන්ගේ කැපවීම අධිෂ්ඨානය මත දියුණුව කරා ගමන් කරන ලද මෙම පාසලේ ජයග්‍රහණයේ සන්ධිස්ථානයක් වන්නේ මහා විද්‍යාලයක් බවට පත්වීමයි. එම ගෞරවය එකල විදුහල්පති ව කටයුතු කළ එම්.එම් ගුණරත්න මහත්මියට නියත වශයෙන්ම හිමිවනු ඇත. 2018 වර්ෂයේ දී නාරම්මල මහා විද්‍යාලය, නාරම්මල ආර්.ජී සේනානායක මහා විද්‍යාලය ලෙස නාමිකව වෙනස් කරන ලදී. 

 

 

 

 

ආරම්භ කළ වර්ෂය

1945 ජූලි 18

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

45

මුල් ගුරුතුමාගේ නම

එස්.පී විතානපතිරණ මහතා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

නාරම්මල දෙටු විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

 

   

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1945 ජූලි 18 දින